26 C
Colombo
Saturday, May 18, 2024

IPL 2023 – වර්ෂාවෙන් නැවතුණු තරගයේ ජය පන්ජාබයට

- Advertisement -

මෙවර ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය පන්ජාබ් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් අතර මොහාලි හිදී පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 191ක් ලබා ගත්තා.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 50ක් රැස් කළා.

කල්කටා කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 7ක් දැවී ලකුණු 146ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වන විට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගැනීමට කල්කටා කණ්ඩායමට අවශ්‍යව තිබූ ලකුණු ගණන 154ක්.

විශේෂයෙන්ම තරගයේ 15 වැනි සහ 16 වැනි පන්දුවාර දෙකේදීම කඩුලු 2ක් බිඳ වැටීම තරගයේ තීරණය මුලුමනින්ම කණපිට හරවනු ලැබුවා.

ඒ අනුව වර්ෂාව නතර නොවන බව නිරීක්ෂණය කළ විනිසුරුවරුන් සහ තරග තීරකවරයා ජයග්‍රහණය පන්ජාබයට ලබා දීමට තීරණය කළා.

ඒ් අනුව පන්ජාබ් කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 7කින් තරගය ජය ගැනීමට සමත් වුණා.

ලක්නව් සුපර් ජයන්ට්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය මේ වන විට ලක්නව් හිදී පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...