ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර පොලිස් සේවයට බැඳුණු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙනගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 15ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ මහවිලච්චිය පොලිසියට අනුයුක්තව සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල් රියදුරකු බව වාර්තා වෙනවා.
පොලිසිය පවසන්නේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් මේ සම්බන්ධව විමර්ශන සිදු කිරීමේදී 2012 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මෙලෙස ව්‍යාජ ලෙස සකසා ඇති බව අනාවරණය වූ බවයි.