පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණා.
එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් අනුව වෙළෙඳ සංකීර්ණයේ කටයුතු සිදුකෙරෙන බවයි.
පෙර පරිදිම තොග වෙළෙඳාම ආරම්භ කළ බවත් මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තොග වෙළෙඳාම පමණක් සිදු කෙරෙනු ඇති බවත් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආරක්ෂිත ස්ථානයක් බවත් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි මහතා මෙහිදී පවසා සිටියා.
මේ අතර, දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘත ව තබන බවට රජය විසින් ඊයේ නිවේදනය කරනු ලැබුවා.