30 C
Colombo
Thursday, June 8, 2023

තිස්ස වැව හාරන්න අවසරයක් ගෙන නෑ

- Advertisement -

තිස්සමහාරාම වැවේ, චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නැතැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, මේ පිළිබඳව සොයා බැලීම සඳහා තම නිලධාරි කණ්ඩායමක් යෙදවූ බවයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, සියලුම ආකාරයේ මෙවැනි සංවර්ධන කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවරසය ලබා ගැනීම අනිවර්යය වුවද බොහෝ කාලයක් වාරිමාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවලදී මෙය සිදු නොවූ බවයි.

තව ද ඉපැරණි වැව් හාරන්නේ නම්, හානි ඇගයීම් සමීක්ෂණයක් සිදු කළ යුතු බවත් වැව හැරීමේ කටයුතු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පුරාවිද්‍යා ක්‍රමවේදවලට අනුව සිදු කරන ලෙස දැනුම් දුන් බව ත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

තිස්සමහාරාම වැව රුහුණු රාජධානිය ගොඩ නැංවූ යටාලතිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වන අනුරාධපුර රාජධානියේ රජ කළ දේවානම් පියතිස්ස රජු විසින් ඉදිකරන ලද බවට සැලකෙයි.

තිස්සමහාරාම ප්‍රදේශයට දැඩි ආකර්ෂණයක් එක්කර ඇති මෙම වැව අතීත ශ්‍රී ලංකාවේ රුහුණු රටේ අභිමානය මැනවින් කියාපාන්නකි.

මෙහි වැලි සහ රොන් මඩ ඉවත් කිරීම සඳහා පසුගිය දා චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මේ පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූයේ, චීන හමුදා කැළෑ ඇඳුමට සමාන ඇඳුම් හැදගත් චීන ජාතිකයින් පිරිසක් එම ව්‍යාපෘති භූමියේ සිටීම හේතුවෙනි.

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය පසුගිය 20 වනදා ආරම්භ වුණේ, විෂයභාර අමාත්‍යවරයාගේ ද සහාගීත්වයෙනි. මේ වන වන විටත් ජෙට් සක්ෂන් යන්ත්‍රයක් හරහා පැයකට වැලි කියුබ් 100 ක ප්‍රමාණයක් වැවෙක් ගොඩගනු ලබයි.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...