28 C
Colombo
Saturday, July 27, 2024

පෑලියගොඩ සිට පැමිණි පුද්ගලයෙකු මිදුලේ වැටී මියගිහින්

- Advertisement -

නොවැම්බර් 16 වන දින කෙටේතැන්න සදසිළුගම ප්‍රදේශයේ නිවසකට පෑලියගොඩ සිට පැමිණි පුද්ගලයෙකු පැය කිහිපයකට පසු එම නිවසේ මිදුලේ වැටී මියගොස් ඇති බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ෆේස්බුක් පිටුවේ සදහන් කර ඇත.

කොවිඩ් අවධානම් කලාපයක සිට පැමිණි බැවින්, ඔහුට කොවිඩ් යැයි සැක සහිත බැවින් අදාල මියගිය පුද්ගලයාගේ දේහය PCR පරීක්ෂණය සදහා නොවැම්බර් 17 දින අලුයම රත්නපුර ශික්ෂණ රෝහලට යොමු කර ඇති බවත් කහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරින් හා එක්ව අදාල මෘතදේහය රෝහලට යොමු කිරීම කළබවත් එහි සදහන් කර ඇත.

මෙහිදී අදාල පුද්ගලයා ආගිය ස්ථාන හදුනාගෙන ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් කෙටේතැන්න පිහිටි වෙළද ආයතන 2ක් ඒ ඇති බවත් එහි සදහන් කර ඇත. එම පුද්ගලයා පෑලියගොඩ සිට කෙටේතැන්න ප්‍රදේශයට බස් රථයකින් පැමිණ ඇති බවට කරුණු අනාවරණය කරගත් බවත් CCTV පරික්ෂාකර අදාල බස් රථය හදුනා ගැනීමේ කටයුතු සිදු කරන බවත් සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...