31 C
Colombo
Saturday, July 27, 2024

සෝල් බීච් කඩා ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දින දෙයි

- Advertisement -

සෝල් බීච් හෝටලයේ හිමිකරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියම කළා.

යුක්තිය මෙහෙයුම යටතේ ඉකුත්දා දෙහිවල මුහුදුබඩ ප්‍රදේශයේ පිහිටි “සෝල් බීච්” හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා.

මෙම පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබුණා.

ඉන් අනතුරුව දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකාබැලීම සඳහා ජුලි මස 10 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය ලබාගෙන නිත්‍යානුකූලව පවත්වා ගෙන ගිය අදාළ ගොඩනැගිල්ලක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව කඩා ඉවත් කිරීම තුළින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එහි හිමිකරුවන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...