24 C
Colombo
Thursday, February 20, 2025

නාය යෑමෙන් පස් කන්දට යටවූ සිය ආදරණියන් පෙන්වූ සුරතලා

- Advertisement -

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ දී ඊයේ සිදුවූ නාය යෑමක් හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

මෙම සිදුවීම සැලවූ වහාම ගම්වැසියන් සහ යුද හමුදාව එක්ව විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ක්‍රියා කරනු ලැබුවා.

මෙම සිදුවීම වූ නිවසේ ඇතිවූ සුනඛයා නාය යෑම නිසා පස්වලින් යටවූ ස්ථානය පැමිණියත් අසල සිටි පිරිස් එම සුනඛයා එළවා දමනු ලැබුවා.

එම ස්ථානයෙන් පළා ගිය සුනඛයා යලි නිවස තිබු ස්ථානයට පැමිණ සිය ඉදිරිපස දෙපා වලින් පස් ඉවත් කිරීමට පටන් ගන්නා ආකාරය ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත පිරිස් වෙත නිරීක්ෂණය විය.

මඩ සහිත මිශ්‍රවූ පස් කන්දක් යටවූ විපතට පත්වූවන් සොයමින් සිටි ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත පිරිස් වෙත එය හෝඩුවාවක් විය.

සියලු දෙනා පුදුමයට පත් කරමින් සුනඛයා විසින් පෙන්වූ ස්ථානයේ තිබි නාය යාමෙන් මියගිය එකම පවුලේ සාමාජිකයින්ගේ සිරුරූ සොයා ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

( ජායාරූප : ප්‍රදීප් කුමාර ධර්මරත්න)

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES