29 C
Colombo
Friday, June 2, 2023

හෙදියන්ට ඉල්ලීම් දුන් නිසා PHIවරුනුත් වැඩ වර්ජනයේ

- Advertisement -

හෙද වෘත්තිය සමිති ඒකාබද්ධව ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරු 07.00ට අවසන් කෙරුණි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් 7න් 5කට කඩිනම් විසඳුම් ලබාදීමට ජනපතිවරයා එකඟ වීමෙන් අනතුරුවයි.

හෙද සේවයේ වෘත්තීය ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමේදී සෞඛ්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීන් 13කට අසාධාරණයක් වී ඇතැයි අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමුණේ සභාපති, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඊට විරෝධය පළකරමින් එම වෘත්තීය සමිති 13ක් අද (03) පෙරවරු 08 සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල අද ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන්වලට දැඩි බාධා එල්ල වී තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා,

“ජනාධිපතිවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෘත්තීය ඉල්ලීම් ඉටු කිරීමේදී අනෙකුත් වෘත්තීන්වල සමබරතාවය ගිලිහෙන විදිහට ඒ ඉල්ලීම් ඉටුකරයි කියලා අපි බලාපොරොත්තු වුණේ නෑ. උසස්වීම් පටිපාටිය හෙද සේවාවට පමණක් සුවිශේෂි වෙන ආකාරයට උසස්වීම් කාලසීමාව අඩු කරපු එකත් එක වෘත්තියක පමණක් නිල ඇඳුම් දීමනාව ඉහළ දැමීම සම්බන්ධවත් දැඩි අප්‍රසාදය පළ කරනවා. සඳදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කරා යන්නත් තීරණය කළා,”

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...