31 C
Colombo
Saturday, July 27, 2024

නුවරඑළිය වසන්ත සැණකෙළියේ වෙළද කුටි සදහා බිම් කොටස් හොර රහසේ අලෙවි කරලා

- Advertisement -

සෑම වසරකම අප්‍රේල් මස නුවරඑළියේ මහනගර සභාව මගින් සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළිය වෙනුවෙන් තාවකාලික කඩ කාමර ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු බිම් කොටස් මාසික බදු පදනම මත පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට අලෙවි කර අවසන් බව නාගරික සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක චමින්ද සමන් කුමාර මහතා පවසනවා. 

ඔහු මේ බව පැවසුවේ, නුවරඑළි​ය මහනගර සභාවේ වසන්ත සැණකෙළිය වෙනුවෙන් පසුගියදා පැවැති සැලසුම් රැස්වීමේදීයි.

කිසිදු විනිවිද භාවයකින් හා ක්‍රියා පටිපාටියකින් තොරව හිතවතුන් කිහිපදෙනෙකු අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් බිම් කොටස් වසන්ත සැණකෙළිය වෙනුවෙන් මේ වන විටත් හොර රහසේ අලෙවිවී ඇති බවට රැස්වීමට පැමිණි නුවරඑළිය මහ ජනතාව සහකාර අධ්‍යක්ෂකවරයාට චෝදනා කර තිබෙනවා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“පත්තර දැන්වීම්, රූපවාහිනී දැන්වීම් හා ප්‍රසිද්ධ දැන්වීම් කිසිවක් අපි දැම්මේ නෑ. අපිට පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේ ඉඳන්ම ඉල්ලුම් පත්‍ර ලැබුණා වසන්ත සැණකෙළියේ තාවකාලික කඩ කාමර ඉදිකිරීම සඳහා බිම් කොටස් ලබා ගන්න. ඒ ආපු ඉල්ලීම් වලට අනුව අපි බිම කොටස් ටික ලබාදීලා ඉවරයි. මේ වෙන විටත් සියලු බිම් කොට​ස් අපි ලබා දීලා අවසන්”

එහි​දී සහකාර අධ්‍යක්ෂකවරයාගේ එම ප්‍රකාශයත් සමග රැස්වීම උණුසුම් තත්ත්වයක් හට ගැනුණා.  

එමෙන්ම මහජනතාවගේ බදු මුදල්වලින් එකතු වන මුදලින් අතිවිශාල තොගයක් වියදම් කරමින් සංවිධානය කරනු ලබන නුවරඑළිය වසන්ත සැණකෙළියේ සියලු ආදායම් නුවරඑළිය මහ නගර සභාවට ලැබිය යුතු අතර එහි සියලු ප්‍රතිලාභ නුවරඑළියේ මහජනතාවට ලැබිය යුතු බවට නුවරඑළිය සිවිල් සංවිධාන නියෝජිතයන්, වෙළඳ ව්‍යාපාරිකයන් හා නුවරඑළිය ජනතාව නුවරඑළිය මහ නගර සභාවට යෝජනා කළා.

එහිදී සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෙළෙඳ ව්‍යාපාරිකයන් සහ මහජනතාව වැඩිදුරටත් දැක්වූ අදහස්,   

“මෙලෙස මහනගර සභාව මගින් සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළියේ භූමි කොටස් කිසිම ක්‍රමවේදයක් නොමැතිව විනිවිද භාවයකින් තොරව රජයට ගෙවිය යුතු සොච්චම් මුදලක් ලබා ගනිමින් කිහිපදෙනෙකු අතර හොර රහසේ බෙදා දීමට නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු කිරීමෙන් එම බිම් කොටස් ලබා ගන්නා කිහිප දෙනා පමණක් ඔවුන්ට හිතුමතේ එහි වටිනාකම් තීරණය කරනවා. එයි​න් ලක්ෂයක් ලක්ෂ එකහමාරක් අතර විශාල මුදලකට කුඩා කැබැලි වලට එම බිම් කොටස් වෙන්කර වෙළෙඳ කුටි සඳහා අලෙවි කරනවා.”

“එය එසේ නොකර නුවරඑළිය මහ නගර සභාවට සම්පූර්ණ භූමි ප්‍රමාණය පවරාගෙන නුවරඑළිය  මහ නගර සභාවෙන් එම භූමි කොටස් ව්‍යාපාරිකයන්ට බෙදා දුන්නේ නම් ඔවුන්ට එම භූමි කොටස් ලබා ගැනීම සඳහා වැය වන්නේ රුපියල් 20000 ක් 24000ක් වැනි ඉතා අඩු මුදලක්.”

එමෙන්ම දැනට නාගරික සංවර්ධන අධිකාරිය හොර රහසේ ලබාදී ඇති බිම් කොටස්වල මුදල් අදාළ පාර්ශවයන් වෙත පියවා නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති එම ඉඩම් කොටස් මහනගර සභාව වෙත පවරාගෙන ඉන් අනතුරුව නුවරඑළි ජනතාවට මුල් තැන ලබාදී සහනදායි මිලකට අදා​ළ බි​ම් කොටස් බෙදා දෙන ලෙස ඔවුන්​ යෝජනා කර තිබෙනවා.  

තවද එම යෝජනාවට නාගරික සංවර්ධන අධිකාරිය අකමැත්ත ප්‍රකාශ කරන කල මහ නගර සභාව මගින් ලබා දෙනු ලබන ජල පහසුකම්, විදුලිය ලබා ගැනීම සඳහා වන අවසර ලිපි සහ කසල කළමනාකාරීත්වයට ලබාදෙන දායකත්වය යනාදිය ලබා නොදීමට කටයුතු කරන ලෙසත් නුවරඑළිය මහ නගර සභාවට වරිපනම් හා බදු මුදල් ගෙවන මහජනතාව හා වෙළෙඳ ව්‍යාපාරිකයන් තරයේ ඉල්ලා සිටියා. 

කෙසේවෙත​ත්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡාවක් ලබාගෙන මෙම ගැටලුව සඳහා සාර්ථක විසඳුමක් ලබා ගැනීමට හැකි විගසින් උත්සාහ දරන බව නුවරඑළිය මහ නගර සභාවේ වැඩබලන  නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජීවා බෝධිමාන්න මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...