මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හයිටි රාජ්‍යයේ සිදුවූ භූ කම්පනයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරමින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා රජයද හයිටි රාජ්‍ය වෙනුවෙන් ශෝකය පලකරන බවත් හයිටි රාජ්‍යයේ යහපත පතන බවත් අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයෙන් පවසා සිටිනවා.
මෙම විනාශකාරී භූ කම්පනයෙන් මියගිය සහ අතුරුදන් වූ පවුල් වලට සිය ශෝකය පළ කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
රිච්ටර් පරිමාණයේ 7.2ක අගයක් සටහන් වූ ප්‍රබල භූ කම්පනයෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයන් 304 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 1800 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. එමෙන්ම ඉතා විශාල දේපල හානියක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
The #GoSL and all #SriLankans join those who are praying for the people of #Haiti in the wake of the devastating earthquake. Our thoughts and prayers are with the families of those who have lost their loved ones and are still missing members of their families by this devastation.
— Mahinda Rajapaksa (@PresRajapaksa) August 15, 2021