25 C
Colombo
Sunday, May 19, 2024

පොහොට්ටු ඡන්දය විකුණන්න දෙන්න බැහැ-දිලිත්

- Advertisement -

පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසනවා.

ඒ, ඊයේ (05) මතුගමදී පැවති එම පක්ෂයේ රැළිය අමතමින්.

පොහොට්ටුවට එම පාක්ෂිකයින් ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ ගමනක් යාමට නොවන බැවින් එම ඡන්දවල අයිතිය ඔවුන් සතු බව ජයවීර මහතා පැවසුවා.

”පොහොට්ටුවට ඡන්දය දුන්නේ රනිල් එක්ක ගමනක් යන්න නෙවෙයි. ඒ නිසා ඒ පොහොට්ටුවට ජන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අපිට වගකීමක් තිබෙනවා. මම කියන්න කැමතියි පොහොට්ටුවේ නායකයින්ට කරුණාකරලා උත්සහ කරන්න එපා අහිංසක පොහොට්ටු ඡන්දය කවුරුහරි මුදලාලි කෙනෙකුට භාර දෙන්න. මේ මව්බිමට ආදරය කරන දේශප්‍රේමී ජනතාව දුන්ඡන්දය එහෙම පූට්ටු කරන්න හදනවා නම් අපි දැන්මම කියන්න ඕනේ ඒ පූට්ටු වෙන්න හදන ව්‍යපාරිකයින්ටත් අපරාදේ ඒ සල්ලි. මේ පොහොට්ටු ඡන්දය විකුණන්න දෙන්න බැහැ. පොහොට්ටු ඡන්ද ලාබෙට විකුණන්න දෙන්න බැහැ. ඒක අපේ.නම් සඳහන් කරන්න අකමැති වුණත් අනුර කුමාරටත්,නාමල් කුමාරයාටත් දෙන්නටම කියන්න කැමතියි ඔය ඇදන් ඉන්න ඇදුම් එක වස්ත්‍රයකටවත් බදු ගෙවල නැහැ. ඔය වාහනවලට බදු ගෙවල නැහැ. ඔය ගෙවල්වලට බදුගේවල නැහැ. ඔය හැම එකකම අරගෙන තියෙන්නේ ජනතාව ගෙවන අපි ගෙවන බදු වලින් කියල මම මේ මතුගම ජනතාවට කියන්න කැමතියි. ඒ නිසා අහිංසක මිනිසුන්ගේ කලිසම ඇඳගෙන ඇවිල්ල අහිංසක මිනිසුන්ගේ සරම ඇදගෙන ඇවිල්ල ඒකට උඩින් සාටකේ නෙවෙයි ඒකට උඩින් සරමක් දාගෙන ඔලුවෙන් ගැලෙව්වත් ඕක තමයි කතාන්දරය කියල කියන්න මම කැමතියි.”

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...