30 C
Colombo
Friday, May 17, 2024

වෘත්තිය පුහුණු නිලධාරියකුගේ මරණයට පොලිසියේ හතක් අත්අඩංගුවට

- Advertisement -

නාරහේන්පිට,ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කලමනාකාර සහකාර නිලධාරියකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ හත් දෙනෙක් රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ ඝාතනය ලක් වූයේ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාර නැමැති 41 හැවිරිදි විවාහක අයෙක්.

ප්‍රීති කුමාර මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ජනවාරි මස 10 වැනිදා රාත්‍රී කාලයේ කොළඹ නෙළුම් කුළුණ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මොහු රහස් පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි පවසමින් ප්‍රීති කුමාර මහතාහට අමානුෂික ලෙස පහර දී ඇති බවයි.

පහරකෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ ප්‍රීති කුමාර මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම මියගොස් තිබුණා.

මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට කිසිදු සම්බන්ධතාවයක් නොමැති අයකු බව රහස් පොලිසිය කරන ලද පරීක්ෂණවලදී පසුව තහවුරු වී තිබෙන අතර අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් දීර්ඝ වශයෙන් සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු හෙළි වූ තොරතුරු පදනම් කරගෙන ඔවුන් සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

කොළඹ පාරක් වැහෙයි

විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය, ආනන්ද කුමාරස්වාමි මාවත වසා දමා තිබෙනවා. පොලීසිය විසින් මෙම මාර්ගය වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ, පලස්තීන යුද්ධයට විරෝධය පළ කරමින් මෙම...

Breaking: ගෝඨාභයට නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...