පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්ත සභාවේ විපක්ෂ නියෝජිතයන් සහ ඔවුන්ගේ අධාරකරැවන් පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබේ.
ප්‍රාන්ත සභාවේ අයවැය ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් තිබියදී විපක්ෂ නියෝජිතයන් සහ ආධාරකරැවන් විසින් ප්‍රාන්ත සභා ගොඩනැගිල්ලේ දොරටු වසා දමා උද්ඝෝෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඇතුළු සභා කටයුතු ප්‍රමාද වී ඇති අතර ඒ අනුව පොලිසිය කැදවීමට පියවර ගෙන තිබේ.
සභා පරිශ්‍රය තුළට ඇතුලුවීම අසීරැ වූ අවස්ථාවෙි පොලිසිය බලය පාවිච්චි කිරීම හේතුවෙන් මෙහිදී ගැටුමක් හටගත් බව එරට වාර්තා සදහන් කරයි.
මේ දිනවල පකිස්තානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ උග්‍ර අතට හැරී ඇති අතර ඒවා ජාතික මෙන්ම ප්‍රාන්ත මට්ටමින් ද ක්‍රියාත්මක වේ.