24 C
Colombo
Wednesday, February 19, 2025

යුක්තියෙන් බිල්ලෝ පොලීසියක් පාරට දාලා (වීඩියෝ)

- Advertisement -

ජනතාව සාමාන්‍යයයෙන් දැක නැති ආකාරයේ ඇදුමකින් පොලිස් නිළධාරීන් සැරසී, මහියංගණය – මහනුවර ප්‍රධාන මාර්ගයේ මහවැලි පාලම අසල අද (30) විශේෂ රථවාහන පරික්ෂාවක් සිදුකරනු ලැබූවා.

‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව සිදුකෙරුණු මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා රථවාහන පරික්ෂාව හා මහජනතාව පරික්ෂාව සඳහා මෙම පොලිස් නිලධාරීන් යොදවා තිබුණා.

මේ සඳහා මහියංගණ මාපාකඩවැව පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන් 240ක් මෙම අමුතු ඇදුම් ඇද මාර්ගයේ රාජකාරිවල යොදවා තිබෙනු දක්නට ලැබුණා.

රිදිමාලියද්ද, ඇකිරියන් කුඹුර, ලොග්ගල්ඔය, දඹාන 51 කණුව, වේරගංතොට පාලම අසල, සොරබෝර හංදිය යන ස්ථාන 06ක රථවාහන පරික්ෂාව සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් යටතේ එම නවක නිළධාරීන් යොදවා තිබුණා.

එක්වරම පාරට පැන මෙම අමුතු ඇදුම් ඇදගත් පුද්ගලයින් රථවාහන නවත්වා පරික්ෂා කිරීමේදී සාමාන්‍ය ජනතාව අපහසුතාවයට ලක්වන ආකාරයද දක්නට ලැබුණා.

මීට පෙර සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිලධාරියෙක් නාරම්මලදී ලොරි රථයක් නොනැවතී ධාවනය කිරීම හේතුවෙන් ඔහු හඹා ගොස් වෙඩි තැබීමේ සිදුවීමක් රටේ දැඩි ආන්දෝලනයක්ද ඇති කිරීමට හේතු වූවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES