24 C
Colombo
Sunday, October 1, 2023

හරක් කටා රටින් පන්නන්න දේශපාලනඥයන්ගේ සුදානමක්

- Advertisement -

රැඳවුම් නියෝග මත රහස් පොලිස් බාරයේ පසුවන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමේ සැලසුම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ද සම්බන්ධ වී ඇති බව පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

දිගින් දිගටම සිදුකරන විමර්ශන වලදී මෙම තොරතුරු හෙළි වී තිබෙන බවට වාර්තා වනවා.

රහස් පොලිසියෙන් පළායාමට හරක් කටාට උදව් කළ පොලිස් කොස්තාපල්වරයාගේ පලා යෑමෙන් පසු රහස් පොලිස් රථගාලේ රඳවා තිබූ යතුරු පැදියක් පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම හරක් කටාට එම ස්ථානයෙන් පළා යාම සඳහා පැමිණ රදවා ඇති බව පවසන මෝටර් රථයක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වී තිබෙන බවත් එම මෝටර් රථය කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටීන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර හරක් කටාගෙ සුවදුක් බැලීම සඳහා රහස් පොලිසිය වෙත පැමිණි ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකුගේ ප්‍රබලම ආධාරකරුවන් දෙදෙනකු ද ඊයේ(17) දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයකට මේ වන විට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ...

අලි සබ්රි නිසා ලාංකිකයින්ට කැනඩාවේ වීසා අහිමි වන ලකුණු ?

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැනඩාවට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙරට දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය ලැබීමටය සහ රැකියා කිරිමට ඇති අවස්තාව අහිමි...

ගංගා ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...