24 C
Colombo
Thursday, March 30, 2023

චීන එන්නත මිලදී ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට දේශපාලඥයින්ගෙන් බලපෑම්

- Advertisement -

ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් මෙතෙක් අනුමත කර නොමැති චීන සිනොෆාර්ම් කොවිඩ් 19 එන්නත මිලදී ගැනීම සදහා ශ‍්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලඥයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් ඒ වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත බලපෑම් කරමින් සිටින බවත් සෞඛ්‍යය ආරංචි මාර්ග අනාවරණය කරනවා.

ශ‍්‍රී ලංකාවේ ඖෂධ නියාමනය කිරීමේ ඉහළම ආයතනය වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි භාවිතය සඳහා අනුමත කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේද පිළිගැනීමට ලක්වූ ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඞ් සහ රුසියානු ස්පුට්නික් යන කොරෝනා එන්නත් දෙකයි.

දත්තවල විනිවිදභාවය නොමැති වීම හේතුවෙන් චීන සිනොෆාර්ම් එන්නත සදහා වන අයදුම්පත තවමත් එම අධිකාරිය විසින් අනුමත කර නැහැ.

අධිකාරියේ විධායක නිලධාරි සහ සෞඛ්‍යය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ , සිනොෆාර්ම් එන්නත අනුමත කිරීම සදහා වන අත්‍යවශ්‍ය ලියකියවිලි තවමත් අධිකාරියට ලැබී නොමැති බවයි.

ලෝක සෞඛ්‍යය සංවිධානය ද තවමත් එම එන්නත අනුමත කර නොමැති බැවින් එම සංවිධානයේ තීරණය ලැබෙනතුරු අධිකාරියට ප‍්‍රමාද වීමට සිදුව ඇති බවද සදහන්වනවා.

මේ අතර, ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයින් සිව්දෙනෙකු ලෙස කටයුතු කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ කලාපීය නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන්, කළමනාකරණ විශේෂඥ ආචාර්ය කපිල රණසිංහ, ගණකාධිකරණ විශේෂඥ හර්ෂණ කරුණාරත්න සහ නීතිඥ චාමින්දිකා හේරත් යන මහත්ම මහත්මීන් හදිසියේම ඉන් ඉවත්කිරීමට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍යය අමාත්‍ය චන්න ජයසුමන කටයුතු කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීමකින් තොරව සිනොෆාර්ම් එන්නත සඳහා අනුමැතිය ලබාදීම ඔවුන් විසින් ප‍්‍රතික්ෂේප කිරීම ඊට හේතුව බව සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම සිව්දෙනා සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්ච්, ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍යය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ ප‍්‍රාථමික සෞඛ්‍යය සේවා, වසංගත හා රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇතුළු සෞඛ්‍යය බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව ප‍්‍රකාශ කර ඇතැයිද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසනවා.

ඉවත් කළ පිරිස වෙනුවට වෙනුවට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සිසිර සිරිබද්දන, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති ආචාර්ය උදය ශ‍්‍රී කාරියවසම්, නීතිය පිළිබද විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් රාජා ගුණරත්න සහ විශේෂඥ වෛද්‍ය ආර්.අයි. විජේවන්ත යන අය ජාතික ඖෂධ පාලන අධිකාරියේ නව සාමාජිකයන් ලෙස පත්කිරීමට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍යය අමාත්‍යය මහාචාර්ය චන්න ජයසුමන පියවර ගෙන තිබෙනවා.

එම සාමාජිකයින් සිව්දෙනාම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ දේශපාලනයට ක‍්‍රියාකාරීව සම්බන්ධ අය වන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු වන ආචාර්ය උදය ශ‍්‍රී කාරියාවසම් සහ රාජා ගුණරත්න මේ වන විටත් වෙනත් දේශපාලන පත්වීම් ලබා සිටින අයද වනවා.

මහාචාර්ය සිරිබද්දන සහ විශේෂඥ වෛද්‍ය විජේවන්ත අමාත්‍ය මහාචාර්ය ජයසුමනගේ සමග එක්ව වෘත්තීය කටයුතුවල නිරත වූවන් බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ඉහළ පෙළේ දේශපාලනඥයින් අලූතින් පත් කරන ලද නියෝජිතයන්ගේ සහාය ඇතිව සිනොෆාර්ම් එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමට යන බවත් එය ශ‍්‍රී ලංකාවේ කොරෝනා ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලියට අහිතකර ලෙස බලපානු ඇති බවත් ය.

අනුමත නොකරන ලද සිනොෆාර්ම් එන්නත දැනට අනුමත කර ඇති ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඞ් එන්නතට වඩා මිල අධික වන අතර එය ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් පමණක් නොව ලෝකයේ කිසිදු උසස් මට්ටමේ වෛද්‍ය ආයතනයක් විසින් පිළිගෙන නොමැති බවද එම විශේඥයන්ගේ මතය වී තිබෙනවා.

මේ අතර, චීන එන්නත ශ‍්‍රී ලංකාව තුළ භාවිතය අනුමත කිරීමේ ක‍්‍රියාවලිය කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇති බව ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍යය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ උපුටා දක්වමින් ඬේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

මේ අතර මීට පෙර අවස්ථාවක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක සදහන් කර තිබුණේ අඩු වියදම් ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මිලදී ගැනීම වෙනුවට චීනයෙන් වැඩි මිලට එන්නත් ලබා ගැනීමට උත්සහ ගනිමින් ඇති බවයි.

එම එන්නතෙහි ගුණාත්මකභාවය ජාත්‍යන්තර ආයතන විසින් පවා සහතික කර නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ කොවැක්ස් වැඩසටහන යන දෙඅංශයේම සහතිකය එහිදී අත්‍යවශ්‍ය වන බවද චම්පික රණවක මන්ත‍්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබුණා.

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...