මහර බන්ධනාගාරය තුළ ඇති ගැටුමෙන් ඝාතනය වූ තවත් රැඳවියන් 04 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ දෙසැම්බර් 07 දින පැවැත්වීමට නියමිතව ඇත.
අදාල ගැටුමෙන් ඝාතනය වූ රැඳවියන් 11 දෙනාගෙන් 07 දෙනෙකුගේ මෘත ශරීර මේවන විට හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ අනන්‍යතා තහවුරු වී ඇති බව වාර්තා වේ.
එම මෘතශරීරවලින් 03 කට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කර ඇති බවත් මේ දක්වා හඳුනා නොගත් මළසිරුරු 04 හඳුනා ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණ හෝ ඇඟිලි සළකුණු පරීක්ෂණ සිදු කරන බවත් වාර්තා වේ.