කාබනික පොහොර ලෙස රජය විසින් ආනයනය කරන ලද ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ පොහොර රසායනික පොහොරක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය රසායනික හා කාබනික පොහොර හඳුනා ගැනීමට අපොහොසත් වීම ගැටලුවක් බවත් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා.
මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ පොහොර කාබනික වීම සඳහා රසායනිකව කාබන්, හයිඩ්‍රජන් සහ කාබනික ද්‍රව්‍ය දෙකක් අඩංගු විය යුතු බවයි.
රජය විසින් මෙරටට ගෙන ආ ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’ මෙම අවශ්‍යතා දෙකම සපුරාලීමට අසමත් වූ බවත් එය රසායනික පොහොරක් මිස කාබනික පොහොරක් නොවන බවත් ඇය සදහන් කරනවා.
එදිනෙදා භාවිතයේදී කාබනික පොහොර යනු ශාක කොටස් වැනි සමහර ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය භාවිතා කර සාදන පොහොරක් බවත් පොටෑසියම් ක්ලෝරයිඩ් ඛනිජ නිධියකින් ලබා ගන්නා අකාබනික ලුණු බවත් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පෙන්වා දෙනවා.
පසුගියපසුගිය 13 වනදා මෙරටට ආනයනය කරන ලද පොහොර මෙට්‍රික්ටොන් 30,000 තොගය කාබනික ‘පොටෑසියම් ක්ලෝරයිඩ්’පොහොර තොගයක් බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිවේදනය කිරීමත් සමඟ ඒ පිළිබදව සමාජ මාධ්‍ය තුළ ඔහුට දැඩිව විවේචන එල්ලවුණා.