අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්රභාෂ් සුබසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇති බව වාර්තා වේ.
තමන් මෙම තනතුර බාරගෙන ඇත්තේ වසරක කාල සීමාවකට පමණක් බවත්, එම කාලය මේ වනවිට අවසන් බැවින් එකගතාව අනුව තමන් තනතුරින් ඉවත් වන බවත් ඒ මහතා සිය ලිපියේ සදහන් කොට ඇති බව වාර්තා වේ.
මීට පෙර ජනාධිපතිවරයා විසින් පත් කළ ආයෝජන මණ්ඩල සභාපතිවරයා වූ සුසන්ත රත්නායක මහතාද වසරක කාලසීමාව දැනුම් දෙමින් සිය තනතුරින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.