29 C
Colombo
Saturday, July 27, 2024

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්

- Advertisement -

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයෝ සැක පළ කරනවා.

එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් මෙසේ සැක පළ කළේ ‘සුදුසු වෙලාව බලා’ ඉරානයට ප්‍රහාරයක් එල්ල කරමින්, ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට ඊශ්‍රායලය කළ අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින්.

ප්‍රමාණයෙන් කුඩා රාජ්‍යයක් වුවත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය ලබන ඊශ්‍රායලය, අති නවීන අවි ආයුධ සහ යුදෝපකරණවලින් සමන්විත වන අතර, නෂ්ටික යුද ශීර්ෂ 400 ක් පමණ ඊශ්‍රායල හමුදාව සතු වනවා.

එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයන් වැඩි දුරටත් සැක පළ කරන්නේ, මෙම යුද ශීර්ෂ සවි කළ මිසයිලවලින් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දුන්නොත්, එම ප්‍රහාර වළක්වා ගැනීමට ඉරානයට හැකියාවක් නොලැබෙනු ඇති බවත්, නෂ්ටික පිපිරීම් සිදුවී මහා විනාශයක් සිදුවනු ඇති බවයි.

පරමාණු බලශක්ති බලාගාරවලට පහර දීමෙන්, ඉරානය ක්ෂණිකව අඩපණ කිරීමට ඊශ්‍රායලයට හැකියාව ලැබෙනු ඇති බවද පරමාණු බලශක්ති නිරීක්ෂකයින් පෙන්වා දෙනවා.

ඉරානය, ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් පහර දුන්නේ පසුගිය 13 වැනිදායි.

ඒ, ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලය විනාශ වී, ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානීන් දෙදෙනකු ද ඇතුළු පිරිසක් මියයෑමේ සිද්ධියට පලිගැනීමක් ලෙසයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල වුණු මිසයිල සහ ඩ්‍රෝන යානා උඩු ගුවනේදී පහර දී විනාශ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් වූ අතර, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය‍ය පමණක් නොව, ජෝර්දානයෙන් ද ඊට සහාය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...