32 C
Colombo
Sunday, June 4, 2023

ජුනි 15ට පෙර එන්නත්කරණයට ප්‍රමුඛතා ලේඛනයක් සකස් කරන්න – මානව හිමිකම් කොමිසම

- Advertisement -

එන්නත්කරණය සම්බන්ධයෙන් විධිමත් ප්‍රමුඛතා ලේඛනයක් සහ සුදුසු ප්‍රායෝගික ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුව, එම කොමිෂන් සභාව මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

කොමිෂන් සභාවේ සභාපති ජගත් බාලසූරියගේ අත්සනින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත මේ ලිඛිත දැනුම්දීම කර ඇත්තේ ඊයේ (28) දිනයේ ය.

‘කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනට ප්‍රමුඛතාව ලබාදීම සම්බන්ධවයි’ යන ශීර්ෂය යටතේ යොමුකර ඇති අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සංවිධාන රැසක් මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කොමිසමට පැමිණිල් කර ඇති බවයි.

මේ නිසා අදාළ පැමිණිලි විභාග කිරීම සඳහා ලබන ජුනි 15දාට පෙර එන්නත්කරණය සඳහා සකස් කරන ප්‍රමුඛතා ලේඛනයක් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙස ද, මෙය 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙන් පැවරී ඇති බලතල අනුව කරනු ලබන දැනුම්දීමක් බව ද එහි වැඩිදුරටත් සඳහන් ය.

අදාළ ලිපියේ මෙසේ ද සඳහන් ය.

‘කොවිඩ් 19 තත්ත්වය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙනයනු ලබන ක්‍රියාමාර්ගයක් ලෙස ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් සහ සයිනොෆාම් ආදී වශයෙන් වූ විවිධ එන්නත් වර්ග හඳුන්වා දී ඇත. මෙකී එන්නත් ලබාදීමේදී වඩාත් සාධාරණ හා විනිවිදභාවයෙන් යුක්තව එම කටයුත්ත සිදු නොවන්නේ යැයි ප්‍රකාශ කරමින් සෞඛ්‍ය සේවයේ හා වෙනත් සේවාවල විවිධ සංවිධාන මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත.

එසේ හෙයින් මෙම කටයුත්තේදී සත්‍ය වශයෙන් මෙන්ම සෘජු ලෙස කොවිඩ් ආසාදිත රෝගීන් සමග ගැටෙන්නා වූ හා එමගින් ආසාදනය විය හැකි කණ්ඩායම් වෙත ප්‍රමුඛතාව ලබාදීම සුදුසු බව කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.

ඒ අනුව දරනු ලබන්නා වූ තනතුරු හා වෙනත් උපකල්පිත ප්‍රමුඛතාවන් සැලකිල්ලට භාජනය නොකරමින්, මෙම රෝගය මර්දනය සඳහා සෘජුවම දායකත්වය සපයන කණ්ඩායම් හා එකී දායකත්වය සපයන අය සමග ජීවත් වන වැඩිහිටියන්ට ද, රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශ හා කණ්ඩායම් ද සැලකිල්ලට භාජනය කරමින් වඩා සාධාරණ හා යුක්තිසහගත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් බෙහෙවින්ම සාධාරණ වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.’

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.