ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (05) දින ට්විටර් පණිවිඩයක් තබමින් සටහන් කර තිබුණේ ෆයිසර් එන්නත ලබා ගන්නා ‘පළමු දකුණු ආසියානු රට’ බවට ලංකාව පත්ව ඇති බවයි.
කෙසේ නමුත් මේ ප්‍රකාශය අසත්‍ය බව UNICEF Maldives උපුටා දක්වමින් මාධ්‍ය විසින් පෙන්වා දෙනු ලැබුවා.
මේ අනුව ලංකාවේ ජනාධිපතිවරයා පවසන පරිදි ෆයිසර් එන්නත ලබා ගත් ‘පළමු දකුණු ආසියානු රට’ වන්නේ ලංකාව නොවන අතර මීට පෙර අවම වශයෙන් මාලදිවයිනවත් ලංකාවට පෙර එම එන්නත ලබා ගෙන ඇති බවයි හෙළි වූයේ.
කෙසේ නමුත් එම අසත්‍ය තොරතුරු සහිත ට්විටර් පණිවිඩය මේ වන විට ජනපතිවරයාගේ ට්විටර් ගිණුමෙන් මකා දැමීමට කටයුතු කර තිබෙනවා.

එම ට්විටර් පණිවිඩයම නැවත වරක් ජනපතිගේ ට්විටර් ගිණුමේ පළකර තිබෙනවා.
