30 C
Colombo
Friday, May 17, 2024

ජනාධිපති ලෝකයටම ආදර්ශයක් – වජිර අබේවර්ධන

- Advertisement -

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තීන්දු ගන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහජනතාවගේ අනාගතය ගැන සිතන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළා.

ජනතාව වෙනුවෙන් බංකොලොත් රට බාරගත් රනිල් වික්‍රමසිංහ මහතා දැන් ලෝකයටම ආදර්ශයක් දෙමින් රට නැවත යථා තත්ත්වයට පත් කරමින් සිටින බවත් එවැනි ආර්ථික වශයෙන් කඩා වැටුණු ලෝකයේ ඇතැම් රටවල් මේ වනවිටත් ගොඩ ඒමට සමත් වී නැති බවත් අබේවර්ධන මහතා පවසනවා.

ජනපති පැරීසියේදීත්, එංගලන්තයෙදීත් ලෝකයේ ආධාර දෙන සෑම කණ්ඩායමක් සමඟම ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කර තිබෙන ඒ සෑම රටක්ම වත්මන් වැඩපිළිවෙල අගය කොට තිබෙන බව පැවසුවා.

මෙවැනි කඩා වැටුණු රටක් ගොඩගැනීමට නීතීරීතී, අණපනත්, විවිධ සංශෝධන අවශ්‍ය කරන අතර ඒවා ලෝකයේ වෙනත් රටවල් පවා අනුගමනය කරන බවත් එම නීතීරීතී වැරදි විදිහට විවේචනය කරමින් රටේ ජනතාව නොමඟ යැවීමට විපක්ෂය ප්‍රමුඛ ඇතැම් කණ්ඩායම් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන අතර ජනතාව මේ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතු බවත් වජිර අබේවර්ධන මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...