29 C
Colombo
Sunday, June 4, 2023

ජනපති දළඳා මාළිගාව වැඳපුදා ගනියි

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය
.
ජනාධිපතිතුමා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විචාළ අතර පසුව, උන්වහන්සේ සෙත් පිරිත් සඡ්ඡායනා කොට ජනාධිපතිවරයාට ආශිර්වාද කරන ලදි.

මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විචාළේය. අනු නායක හිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝවාසය ජනාධිපති විසින් නිරීක්ෂණය කරනු ලැබිණ.

පසුව, මල්වතු පාර්ශ්වයේ අනු නායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්නා ලදි.

රටේ වර්තමාන දේශපාලන, සමාජ හා ආර්ථික තොරතුරු රැසක් පිළිබඳව මහා නායක, අනු නායක ස්වාමීන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහිදී කරුණු පැහැදිලි කරනු ලැබිණ.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...