29 C
Colombo
Saturday, July 27, 2024

තවත් ගල් අඟුරු බලාගාර එපා – ජනපති

- Advertisement -

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය දෙසට හරවන බවට ප්‍රතිඥා දී ඇති අතර ලෝකය ඉදිරියේ විහිළුවක් වීමට අවශ්‍ය නැති බවත් එබැවින් ඕනෑම ගල් අඟුරු බලාගාරයක් පිහිටුවීම නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යාංශය සහ සූර්ය බලශක්ති, සුළං හා ජල විදුලි උත්පාදන අමාත්‍යාංශයේ මාසික සමාලෝචන රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සියයට 70 ක විදුලි අවශ්‍යතා උත්පාදනය කිරීමේ සිය ප්‍රතිපත්තියට අනුකූලව ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ‘පිරිසිදු බලශක්ති’ ව්‍යාපෘති යටතේ යෝජිතව ඇති ද්‍රව ස්වාභාවික වායු (LNG) මුලපිරීම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම තීරණය, නොරොච්චෝලේ ලක් විජය අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක ව්‍යාපෘතියට තර්ජනයක් වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

එය චීන යන්ත්‍රෝපකරණ ඉංජිනේරු සංස්ථාවට ටෙන්ඩරයකින් තොරව භාර දී ඇති අතර ඒ සඳහා සූදානම් කිරීමේ කටයුතු දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයකින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාගමට මෙහි අංගසම්පූර්ණ ව්‍යාපෘති කාර්යාලයක් ඇතිවා පමණක් නොව, එය ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් විශේෂඥයින් හැරුණු විට නීතිඥයන් සහ මූල්‍ය උපදේශකයින්ද බඳවා ගෙන තිබෙනවා.

එමෙන්ම මේ සඳහා පාරිසරික තක්සේරුවක් ද සිදු කර ඇතැයි වාර්තාවනවා.

චීන යන්ත්‍රෝපකරණ ඉංජිනේරු සංස්ථාව යනු නොරොච්චෝලේ හි අනෙක් ඒකක තුන ඉදිකරන ලද සමාගමයි.

කෙසේ වෙතත් LNG යනු පුනර්ජනනීය බලශක්තිය නොවනඅතර සියයට 70 ක පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නම් එය ගැසට් පත්‍රයක් මගින් අනිවාර්ය කළ යුතුය.

ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන්නේ කවදාද යන්න මෙතෙක් සඳහන් කර නොමැත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...