30 C
Colombo
Monday, May 29, 2023

උද්ඝෝෂණය කළ යුත්තේ කුමකට දැයි ජනපති කියාදෙයි

- Advertisement -

කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහි විරෝධතාවන් සිදුවන්නේ අවබෝධයකින් තොරව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන සංකල්පයක් ලෙස හඳුන්වා දෙමින් නිල වෙබ් අඩවිය (www.cu.ac.lk) විවෘත කිරීමට ඊයේ දින සහභාගී වෙමින්.

මෙරට ශිෂ්‍ය සංවිධාන විසින් සිදු කළ යුත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීම බවත් දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බවත් මෙහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම, 100% රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති නමුත් හුදෙක් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට තමා ද විරුද්ධ බවත් ජනපතිවරයා පවසනවා.

රජයක කාර්‍ය වන්නේ රැකියා ලබාදීම නොව රැකියා උත්පාදනය වන වටපිටාවක් බිහිකිරීම බවත් පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ විය හැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම බවත් ජනපතිවරයා පෙන්වා දෙනවා.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහන යටතේ පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අමාත්‍යාංශ ලේකම්වරු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු නිලධාරීන් ද වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

May be an image of 1 person and standing

RECENT ARTICLES - SINHALA

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත...

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.