28.9 C
Colombo
Friday, June 20, 2025

ජනපති දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාල එළිදක්වයි

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් COP28 සමුළුවේදී ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය (ICCU) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා විසින් පැරිස් දේශගුණික ගිවිසුමට අනුව ආයතනිකව සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවද අවධාරණය කළ බව සඳහන්.

එසේම එහිදී ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පවතින දේශගුණික අර්බුදයට ඵලදායී ලෙස මුහුණදීම සඳහා විකල්ප ආයතන නොමැති බවයි.

තවද මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් ගේට්ස් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව සිදුකර තිබෙන බව සඳහන්.

ඊට අදාළ දත්ත පද්ධතියක් පිහිටුවීම මෙන්ම දේශගුණික විශේෂඥතාව වෙනුවෙන් “Bill & Melinda Gates පදනම” හරහා සහාය ලබා දීමට එහිදී ගේට්ස් මහතා ජනපති වෙත පොරොන්දු වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

“අපි පිරිහුණ නිසා සජබේ පතිවත බිඳිලා” – හඳුන්නෙත්ති

ජාතික ජනබලවේගය විසින් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ස්වාධීන කණ්ඩායම්වල සහය ලබා ගැනීම හේතුවෙන් සමගි ජන බලවේගයේ “පතිවත” බිඳී ඇති බව අමාත්‍ය සුනිල්...

POPULAR ARTICLES

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...