32 C
Colombo
Saturday, March 25, 2023

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ජනපති හා අගමැති අනුරාධපුරයේ

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙරේදා (13) අනුරාධපුරයේ රුවන්වැලිසෑය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. එම අවස්ථාවට රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු 100 කට ආසන්න පිරිසක් සහභාගීවී සිටියා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සෙත් පතා බෝධි පූජා පිංකමක් සහ සෙත් පිරිත් සඡ්ඡායනයක් ඊයේ (14) රාත්‍රියේ මිරිසවැටිය විහාර භූමියේ පැවැත්වුණා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිවුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිංකමට දිවයිනේ නන් දෙසින් පැමිණි සංඝයා වහන්සේලා 500 නමක් සහභාගි කරගෙන තිබුණා.

කෙසේ වෙතත් රජය පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිවල දක්වා ඇත්තේ පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල මහජනයා එක්රැස්වන ක්‍රියාකාරකම් හෝ රැස්වීම් කිරීමට අවසර නොලැබෙන බවයි. එමෙන්ම එම ස්ථානවල ඕනෑම අවස්ථාවක සිටිය හැකි බැතිමතුන් සංඛ්‍යාව 25 දෙනෙකුට සීමා විය යුතු බවයි.

එසේ නීති පනවා තිබියදී දින තුනක් පුරාවට පැවැත්වෙන මෙම ආගමික වතාවත්වලට භික්ෂූන්වහන්සේලා ඇතුළු සියගණනක් පිරිස අනුරාධපුරයට රැස්කරවාගෙන තිබෙනවා.

එමෙන්ම පනවා ඇති සංචරණ සීමා නීති අනුව බස්නාහිර පළාතේ සිටින පුද්ගලයන් හට නොවැම්බර් 15 වනදා දක්වා එම පළාතෙන් පිටවීමට තහනම් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මෙන්ම යුද හමුදාපතිවරයාද නිවේදනය කළා.

තත්ත්වය එසේ තිබියදීත් යුද හමුදාපතිවරයා මෙන්ම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානීවරයාද වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද බස්නාහිර පළාතෙන් පිටතට ගොස් මෙම ආගමික වතාවත්වලට සහභාගීවී තිබෙනවා. බස්නාහිර පළාතේ සිටිය යුතු ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ද ඉන් පිටව ගොස් ඇති අතර පිරිස් ඒකරාශී කරමින් නිරෝධායන ඇදිරි නීති උල්ලංඝණය කර ඇති ආකාරයක් පැහැදිලිවම මෙයින් දිස්වනවා. නමුත් හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින ජනතාව නිවසෙන් එළියට බැස සිටියද ඩ්‍රෝන් කැමරා මාර්ගයෙන් නිරීක්ෂණය කර අත්අඩංගුවට ගත් ආකාරයද පසුගිය දින කිහිපයේ වාර්තා වුණා.
ඒ අනුව එක රටක් එක නීතියක් සංකල්පය පුද්ගලයන්ගේ තරාතිරම අනුව විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...