29 C
Colombo
Saturday, July 27, 2024

ජීවිතාන්තය දක්වා සිරගතවූ සිරකරුවන්ට ජනාධිපති සමාවදීමේ වැඩපිළිවෙලක්

- Advertisement -

අදට (26) යෙදී තිබෙන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි සිරකරුවන් 260 කට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

එම සිරකරුවන් අතර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවූ සිරකරුවන් 53 දෙනෙකුද සිටීම විශේෂත්වයක්.

ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම් ලැබූ රැදවියන් හට වසර 19කට පසු ජනපති සමාව ලැබූ පළමු අවස්ථාවද මෙයයි.

මීට අමතරව තවත් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැදවියන් 194 දෙනෙක් අද දිනයේ සිට සාමාන්‍ය සිරකරුවන් බවට පත්කිරිමට කටයුතු කර තිබෙනවා.

බන්ධනාගාර රැඳවියන් හට සිව් වස් සමාලෝචන ක්‍රියාවලිය යටතේ සමාව ලබාදීමේ ආරම්භක පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවත්, ඉදිරියේදී මරණ දඬුවම හිමිවූ බන්ධනාගාර තුළ පුනරුත්ථාපනය වූ සමාජගත කළ හැකි රැඳවියන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලියක් සකස් කරමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...