26 C
Colombo
Saturday, May 11, 2024

බිහිවන වෛද්‍යවරුන්ගේ වයස අවුරුදු 22-23 දක්වා අඩු කිරීමට අගමැති උපදෙස්

- Advertisement -

සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක් අතරතුර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සිදුකළ ඉල්ලීමකට අග්‍රාමාත්‍යවරයා මෙලෙස එකඟතාව පළ කර ඇති බව සඳහන් වේ.

සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව මේ වන විට අවුරුදු 28 හෝ 30 ට ආසන්න වන බව සභාපතිවරයා පෙන්වාදුන් අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, එම වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසය.

මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමු කරන බවය.

ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගත වූ මාස 9ක කාලය අඩු කර ගැනීමට අපේක්ෂා කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

වෛද්‍ය සභාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 හෝ 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව...

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකිකයා

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට පැරීසියේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් තර්ෂන් සෙල්වරාජා සමත් වී තිබෙනවා. සාමාන්‍ය පුරවැසියන්ගේ...

ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙම සතිය තුළ දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍ය...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...