23 C
Colombo
Monday, December 5, 2022

අවසන් ගමන් යන්න වසර 16 ක් පුරා සූදානම් වූ පිලිප් කුමරු

- Advertisement -

අද (17) පස්වරුවේ පැවැත්වෙන පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේදී පිලිප් කුමරුගේ දේහය රැගෙන යාමට නියමිත ලෑන්ඩ් රෝවර් රථයේ ඡයාරූපයයක් බකිංහැම් මාලිගාව විසින් මාධ්‍යයට නිකුත් කර තිබුනි.

එම රථය පිලිප් කුමරුගේ කැමැත්තට අනුව ලෑනඩ් රෝවර් කර්මාන්තශාලාවේදී නවීකරණය කර ඇත.

ලෑන්ඩ් රෝවර් රථ පැදවීමට දැඩි කැමැත්තක් දැක්වූ පිලිප් කුමරු මෑතක් වන තුරුම විවිධ අවස්ථා වල ලෑන්ඩ් රෝවර් රථ පදවාගෙන යන අයුරු ඡයාරූපය වල දකින්නට ලැබුනි.

ඒ කැමැත්ත අනුව ඔහු මියගිය දිනක ඔහුගේ දේහය රැගෙන යාමටද පිලිප් කුමරුගේ කැමැත්ත අනුව ලෑන්ඩ් රෝවර් රථයක් නවීකරණය කිරීමේ කටයුතු මීට වසර 16 කට පෙර එනම් 2003 වසරේදී ආරම්භ කෙරුනි.

ඒ ඔහුට 82 වියෙහිදිය.

විටින් විට ඔහුගේ අභිමතය අනුව විවිධ වෙනස්කම් කල එම රථය අවසාන වරට නවීකරණය කෙරුනේ ඔහුට 98 වැනි විය පිරුණු 2019 වසරේදීය.

දෙවන ලෝක යුධ සමයේදී රාජකීය නාවික හමුදාවට සේවය කල පිලිප් කුමරු එම රථයේ වර්ණය හමුදාව භාවිතා කරන අඳුරු කොල පැහැයෙන් වර්ණ ගැනීවීමට තීරණය කලේය.

රථය පිටුපස කොටස ආරක්ෂිතව මිනී පෙට්ටියක් ගෙනයා හැකි පරිදි නිර්මාණය කර ඇත.

රෝදවල හබ් වලටද කොල පැහැය ආලේප කර ඇති අතර ඒ සියළු වෙනසකම් පිලිප් කුමරුගේ කැමත්ත මත සිදු කෙරී ඇත.

එම රථය නිර්මාණය කිරීමේදී ඔහුගේ අරමුණ බකින්හැම් මාලිගාවේ සිට වින්සර් මාලිගයට දේහය පවාහනය කිරීම උවද පවතන කොරෝනා වසංගතය හේතුවෙන් එම සැලසුම පමණක් වෙනස් වී ඇත.

– තිලාන් ජයසේකර –

RECENT ARTICLES - SINHALA

බදු සංශෝධන නිසා භාණ්ඩවල මිල යළි ඉහළට?

0
ලබන 09 වනදා යළි බදු සංශෝධනය පනතක් ඉදිරිපත් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඊයේ (04)...

ගමින් ගමට ගිහින් පොහොට්ටුව ශක්තිමත් කරන්න – රනිල්

0
ගමට ගොස් ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය කොටස් 8කට කඩා සමාගමක් කිරීමේ සූදානමක්

0
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ නව සමාගම් 8ක් පිහිටුවීමට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව ලංකා විදුලි බල...

RECENT ARTICLES - ENGLISH

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...

Special program for differently-abled persons

0
President Ranil Wickremesinghe said a special program will be formulated for the benefit of differently-abled persons. He said that...

A new mobile App for the safety of tourists

0
Minister of Tourism and Lands Harin Fernando said that a new mobile application (App) will be introduced for the safety of tourists...