28.3 C
Colombo
Tuesday, May 13, 2025

NVQ 4 වෘත්තීය පුහුණුවේදී වෘත්තීය විෂය ධාරාවේ සිසුන්ට ප්‍රමුඛතාව

- Advertisement -

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සමත්/අසමත් බව නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව සලසා දී ඇති අතර, මේ වන විට සෑම අධ්‍යාපන කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි පාසල් 604ක එම විෂය ධාරාව ක්‍රියාත්මක වෙනවා.

එම විෂය ධාරාව යටතේ 12 වන ශ්‍රේණියේදී මෘදු කුසලතා සංවර්ධනය කරන පොදු විෂයයන් හැදෑරිය යුතු අතර, 13 වන ශ්‍රේණියේදී ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටමේ (NVQ 4) පාඨමාලාවක් මාස 06ක කාලයක් හැදෑරීමට සහ මාස 06ක රැකියාගත පුහුණුවක යෙදීමට සිසුන්ට අවස්ථාව සැලසෙනවා.

එමෙන්ම, එම සිසුන් සඳහා NVQ 4 මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යාම් සඳහා අමාත්‍යාංශ 07ක් යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු ආයතන 17ක් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබෙනවා.

දැනට වෘත්තීය විෂය ධාරාව හැදෑරීම් සඳහා සිසුන් 50,000ක් පමණ ලියාපදිංචි වී ඇති බැවින් අදාළ වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා රජයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන සියලුම වෘත්තීය පුහුණු ආයතන විසින් එකී සිසුන් සඳහා ප්‍රමුඛතාව ලබා දීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇති බවද රජය පවසනවා.

ඒ අනුව, සියලුම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු ආයතන විසින් උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව හදාරනු ලබන සිසුන්ට වෘත්තීය පුහුණුව ලබා දීම අනිවාර්ය කාර්යයක් බවට පත් කිරීමටත් , එම ආයතනවල MUP 4 පාඨමාලාවලට වාර්ෂිකව සිසුන් ඇතුළත් කර ගැනීමේදී වෘත්තීය විෂය ධාරාවේ සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දී පුහුණුවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන...

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

කෝච්චි 23ක් නැහැ

දුම්රිය 23 ක් අද (13) මේ දක්වා කාලය තුළ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, රියදුරන් නොමැති වීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ...

POPULAR ARTICLES

මීටියාගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන...

කොත්මලේ රෝහල පිරිසිදු කරන්න Clean Sri Lanka එක් වෙයි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය  රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන්...

ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටී 6ක් රෝහලේ

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්ගයට පෙරලීමෙන්...