28.9 C
Colombo
Thursday, March 27, 2025

නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රියන්ත ඇප ඉල්ලයි

- Advertisement -

අධිකරණයට අපහාස කළේ යැයි මේ වනවිට නීතිඥභාවය අත්හිටුවා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුසිල් ප්‍රියන්ත ජයතුංග මහතාගේ ඇප ඉල්ලීම මැයි මස 05 වනදා සලකාබලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී අදාළ නීතිඥවරයා සඳහන් කළේ තමාගේ සමේ රෝග තත්ත්වය උත්සන්න වී ඇති බවත් එම නිසා, තමන්ව ඇප මත මුදා හරින ලෙසයි.

එම අවස්ථාවේදී විනිසුරුවරු තුන්දෙනාම කියා සිටියේ තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

වගඋත්තරකාර නීතිඥවරයාට අදාළ මානසික වෛද්‍ය පරීක්ෂණය අඛණ්ඩව සිදුකරන ලෙස විනිසුරු මඩුල්ල විසින් ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන්ට නියම කළ අතර අනතුරුව මෙම පැමිණිල්ල ලබන 05 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

RECENT ARTICLES - SINHALA

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

POPULAR ARTICLES