27 C
Colombo
Wednesday, April 23, 2025

හෙට බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව

- Advertisement -

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය හෙට (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගය ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර එම ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය පසුගිය දින කිහිපයේ ඉතා වැඩි අගයක් ගෙන තිබු බව සඳහන්.

ඒ අනුව අද (07) දිනයේ ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 35ක් ලෙස පැවති බවට වාර්තා වනවා.

මේ අතර හෙට තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවටද වාර්තා වනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා ජාත්‍යන්තර 20යි 20 තරග 16ක් පවත්වා ඇති අතර ඉන් තරග 11කම ජය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම හේතුවෙන් හෙට බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක තරගයක් වනු ඇති.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසන 6ට ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES