29 C
Colombo
Saturday, July 27, 2024

ගෑස් සහ තිරිඟු පිටි මිලත් වැඩි කිරීමට යෝජනා

- Advertisement -

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා මේ වනතෙක් අනුමැතිය ලබාදී නොමැති අතර මිල ගණන් අධ්‍යයන කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුව මගින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටින බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.

මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ඉල්ලීමක් යොමු වී ඇති අතර පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ ඉල්ලීම මේ වනවිට තම අමාත්‍යාංශයට යොමු කර ඇති බවයි.

නිෂ්පාදන මිල ඉහළ යාම සහ මෙරට විදේශ විනිමය අනුපාතවල පහළ යාම හේතුවෙන් නිෂ්පාදන සඳහා පිරිවැය වැඩි වී ඇති බැවින් මෙම ඉල්ලීම යොමු වී ඇති නමුත් අමාත්‍යාංශය සඳහන් කරන්නේ පාන්පිටි මිල ඉහළ දැමීම සඳහා මෙතෙක් අවසර දී නොමැති බවයි

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...