26 C
Colombo
Sunday, May 19, 2024

බ්‍රිතාන්‍ය අගමැතිගේ නිවස කළු රෙද්දකින් වසා විරෝධතාවයක්

- Advertisement -

බ්‍රිතාන්‍යයේ – ග්‍රීන්පීස් නම් පරිසර ආරක්ෂණ ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ගේ නිවස කළු රෙද්දකින් වසා විරෝධතාවයක නිරත වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් උතුරු මුහුදේ නව තෙල් සහ ගෑස් බලපත්‍ර සිය ගණනක් අනුමත කිරීම නිසා මේ සම්බන්ධයෙන් පරිසරවේදීන් දිගින් දිගටම සිය අප්‍රසාදය පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලැව්ගිනි සහ ගංවතුර හේතුවෙන් ලොව පුරා නිවාස සහ ජීවිත විනාශ වන විට, අගමැති රිෂි සුනක් තෙල් හා ගෑස් කැණීම් විශාල වශයෙන් ව්‍යාප්ත කරන බවයි ග්‍රීන්පීස් වෙබ් අඩවිය පවසන්නේ.

කෙසේ වෙතත් උතුරු බ්‍රිතාන්‍යයේ රිෂි සුනක්ගේ නිවසේ වහලය මතට ක්‍රියාකාරීන් හතර දෙනෙකු නැග කළු රෙදිවලින් ආවරණය කරන වීඩියෝ පට මේ වනවිට නිකුත් වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

නමුත් අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ අය මේ වන විට කැලිෆෝනියාවේ නිවාඩුවක් ගත කරමින් සිටීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...