30 C
Colombo
Monday, March 20, 2023

සමූහ දූෂකයන් නිදහස් කළාට ඉන්දීය රජයට විරෝධය

- Advertisement -

බිල්කිස් බානෝ නම් මුස්ලිම් කාන්තාවක් සමූහ දූෂණයකට ලක් කිරීමේ චෝදනාවට ජීවිතාන්තය දක්වා සිරගත කර සිටි පුද්ගලයින් 11 දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය රජය ගත් තීරණයට එරෙහිව ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වෙනවා.

මෙම පුද්ගලයින් වසර 15ක සිරදඬුවම් කාලයක් ගතකිරීමෙන් අනතුරුව පසුගිය ඉන්දීය නිදහස් දිනයේදී නිදහස් කිරීමට ඉන්දීය රජය තීරණය කළා.

මෙම තීරණයට විරෝධය පලකරමින් ස්ත‍්‍රී දූෂකයන් නිදහස් කිරීමට ගත් තීරණය ආපසු හරවන ලෙස රජයට බලකර දැවැන්ත විරෝධතා මේ වන විට ක්‍රියාත්මක වනවා.

ඉන්දීය සිනමා තරුවක් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ෂබානා අස්මි දිල්ලි අගනුවර පැවති විරෝධතාවයක් අතරතුරදී AFP පුවත්සේවයට පැවසුවේ “බිල්කිස් බානෝට සිදු වූ දේ, ඇගේ පවුලට සිදු වූ දේ, අපේ රටට සිදුවන දේ අපට බලා සිටිය නොහැක. ඒ නිසා අපි සියල්ලෝම එන්නෙමු. එක්ව අපගේ හඬ නඟමු.” ලෙසයි.

100 කට වැඩි විශ්‍රාමික සිවිල් සේවකයන් පිරිසක් ඉන්දීය අගවිනිසුරු වෙත ලිඛිතව දන්වා සිටියේ ස්ත්‍රී දූෂකයින් නිදහස් කිරීම සියලුම කාන්තාවන්ගේ ආරක්ෂාවට දැඩි බලපෑමක් ඇති කරන බවයි.

සමූහ දූෂණයට ලක්වූ බිල්කිස් බානෝගේ පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු 2002 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ ඇති වූ ආගමික කෝලාහලයේදී මිය ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.