29 C
Colombo
Saturday, July 27, 2024

දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිසමට

- Advertisement -

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.
කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ පත් කර ඇති අතර ඉන්ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, T.R.C.රුබෙරු, ඩයන් ගෝමස්, W.A.පියදාස, හේමා ධර්මවර්ධන සහ නිර්මාල් කරුණාසිරි යන අය සෙසු සාමාජිකයන් වනවා.
රාජ්‍ය සේවා කොමිසමට අදාල පත්කිරීම් සියල්ල සිදුකිරීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර පාර්ලිමේන්තු සභාව විසින් ඒවා තහවුරු කල යුතු වනවා.
ඒ අනුව ඊයේ (23) දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද මෙම පත්වීම් තහවුරු කරන ඇත.
පත් කර ඇති සාමාජිකයන් අතරින් ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය යනු සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙක් වන අතර ඇය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ බිරිදයි.
දිලිත් ජයවීර මහතා මීට පෙර නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙසද පත්කර ඇති අතර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීප මිතුරෙකු ලෙස ප්‍රකටයි.
එමෙන්ම ආන්දෝලනයට තුඩුදී තිබෙන රැපිඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ආනයනය කළ ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පුද්ගලික සමාගමේ සභාපතිවරයා වන්නේද ඔහුයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...