29 C
Colombo
Saturday, July 27, 2024

උපයෝගීතා කොමිසම විසුරුවන්න ජනපතිට බෑ – වාසු කියලා

- Advertisement -

ජනාධිපතිවරයාට මහජන උපයෝගීතා කොමිසම විසුරුවාහැරීමට අයිතියක් නැති බවත්, එය ඔහුගේ පාලනය යටතේ නොපවතින බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.


එහිදී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ එය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ පවතින බවය. ‘මහජන උපයෝගීතා කොමිසම ඔබ යටතේ පවතින ආයතනයක්. ඒ ගැන තීන්දුවක් ගන්න ඕනෑ ඔබ.’ වාසුදේව නානානයක්කාර මහතා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට එලෙස කියා ඇත.


මහජන උපයෝගීතා කොමිසම ස්වාධීනව ක්‍රියාත්මක වන කොමිෂන් සභාවක් වන අතර ජල සහ විදුලි ඇතුළු මහජන අවශ්‍යතා පිලිබඳ එම කොමිසම ක්‍රියාත්මක වේ.

මෙම කොමිසම විසුරුවීමෙන් පසු පොදුජන අවශ්‍යතා නොමැති වීම ගැන චෝදනා ඍජුවම රජය මත පැටවෙන බව එහිදී වාසුදේව නානායක්කාර මහතා කියා ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...