29 C
Colombo
Saturday, July 27, 2024

ලොවක් සසල කළ ජෝර්ජ් ෆ්‍රොයිඩ්ගේ ඝාතනය පටිගත කළ තරුණියට පුලිට්සර් සම්මානය හිමිවෙයි

- Advertisement -

කළු ජාතික ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය රූගත කළ තරුණියට පුලිට්සර් ත්‍යාග මණ්ඩලය විසින් විශේෂ පුවත්පත් සම්මානයක් ලබා දී තිබේ.

18 හැවිරිදි ඩාර්නෙලා ෆ්‍රේසියර්ගේ ධෛර්යය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන බව පුලිට්සර් කමිටුව සම්මානය ලබා දෙමින් පවසන ලදී.

ඇගේ කෙටි වීඩියෝවෙන් ලොව පුරා වාර්ගික යුක්තිය උදෙසා විරෝධතා ඇති කළ අතර නඩු විභාගයේදී සාක්ෂි ලෙස ද උපයෝගී කර ගනු ලැබිණි.

සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරෙක් චාවින් වරදකරුවකු බව සනාථ කිරීමට ද එම වීඩියෝව උපකාරී විය.

පුලිට්සර්ස් යනු එක්සත් ජනපදයේ වඩාත්ම කීර්තිමත් පුවත්පත් සම්මාන වේ.

පසුගිය වසරේ මැයි 25 වන දින මිනියාපොලිසිය විසින් ජෝර්ජ් ෆ්‍රොයිඩ් අත් අඩංගුවට ගනිද්දී ෆ්‍රෙසියර් සහෝදරියක් සමඟ ඒ අසලින් ඇවිද යමින් සිටියාය.

“මිනිසෙකු බියෙන් තැතිගෙන ඔහුගේ ජීවිතය ඉල්ලා හිඳගෙන සිටිනු මම දුටුවා”ඇය සියැසින් දුටු දසුන් පිළිබඳ අධිකරණය ඉදිරියේ හෙළි කරමින් පවසා සිටියාය.

“මට හුස්ම ගන්න බැහැ” ලොවක් සලිත කළ ෆ්‍රොයිඩ්ගේ අවසන් වචන සිහිපත් කරමින් ඇය පවසන්නේ ඔහු එම අවස්ථාවේ භීතියට පත්ව සිටි බවයි. එමෙන්ම අවසන් මොහොතේ ඔහුගේ මවට අඬ ගැසූ බවයි.

සත්‍යය සහ යුක්තිය උදෙසා ජනමාධ්‍යවේදීන්ගේ ගවේෂණයේදී පුරවැසියන්ගේ තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කරමින් ලොව පුරා පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහිව විරෝධතා අවුලුවන වීඩියෝව ධෛර්යය සම්පන්නව පටිගත කිරීම වෙනුවෙන් ගෞරවය පිරිනමමින් ඇයට මෙම සම්මානය පිරිනමන බව පුල්ට්සර් කමිටුව වැඩිදුරටත් පවසා තිබේ

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...