පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට කැඳවීමේ මන්දගාමී ස්වභාවය පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික තෝලික ප්‍රකාශක කමිටුව පවසනවා.
මෙතෙක් සිදුව ඇති පරීක්ෂණ විමර්ශන සම්බන්ධයෙන් ද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබඳව ද අවසන් වාර්තාව හරහා ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳ වගකීම් පවරා ඇති දේශපාලන අධිකාරය හා රජය නිලධාරීන් සම්බන්ධයෙන් ද සිහිපත් කරමින් ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත පිටු 19කින් යුත් ලිපියක් යොමු කර තිබෙනවා.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ඇතුළු රදගුරු හිමිවරුන් හය දෙනෙක් සහ කතෝලික සභාවේ පියතුමන්ලා 27 දෙනෙක් අදාළ ලිපියට අත්සන් තබා තිබෙනවා.
මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු කටයුතු නිමා විය යුත්තේ බෝම්බ ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වූවන් සහ ඔවුනට සහය දැක්වූවන්,ප්‍රහාරය සැලසුම් කළ මහ මොළකරුවන් සහ එය මෙහෙය වූවන්, මෙම සමුල ඝාතනය වළක්වා ගත හැකිව තිබියදී එම වගකීම පැහැර හැරිය දේශපාලකයින්,රාජ්‍ය නිලධාරීන්,පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන එමෙන් පමණක් බවයි එම ලිපිය හරහා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව පවසා සිටින්නේ.
මෙම ඉල්ලීමට යහපහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් විකල්ප ක්‍රියා මාර්ග කෙරෙහි යොමු වීමටත් ඔවුන් අදහස් කර සිටින බවයි අදාළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

සම්පූර්ණ ලිපිය පහතින්