27 C
Colombo
Saturday, June 10, 2023

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ නිදහසට ඉහළින් නිරෝධායන නීතිය ක්‍රියාත්මක නොවිය යුතුයි – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්

- Advertisement -

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාවට ලබදී ඇති භාෂණයේ, ප්‍රකාශනයේ හා උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමේ අයිතියට ඉහළින් නිරෝධායන රීතිය ක්‍රියාත්මක නොවිය යුතු බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද ප්‍රකාශ කළා.

ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ලේකම් පුබුදු ජයගොඩ මහතාට එරෙහිව මෝදර පොලීසිය විසින් පවරා තිබු නඩුවක් ඊයේ (17) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදි වැඩිදුරටත් අතිරේක මහේස්ත්‍රාත්වරිය පැවසුවේ රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිරෝධායන රීතින් උපයෝගී කර ගැනීමේ හැකියාව පොලීසියට ඇතත්, රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් රටේ ජනතාවට හිමිකර දී ඇති අයිතිවාසිකම් එමගින් මර්දනය නොකළ යුතු බවයි.

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිය ජීවන උපාය මාර්ග අහිමිවූ මෝදර ප්‍රදේශවාසී ධීවර ජනතාව මෝදර ලුණුපොකුණ ප්‍රදේශයේ පැවැත්වූ සාමකාමි උද්ඝෝෂණ ව්‍යාපාරයකට සහභාගි වී සංචරණ සීමා උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් මෝදර පොලීසිය මෙම නඩුව ගොනුකර තිබුණා.

කෙසේ වෙතත් අදාළ සිද්ධියට අදාළව මෝදර පොලිසිය වෙත ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ලේකම් පුබුදු ජයගොඩ මහතාට නියෝග කළා.

මෙම නඩුව නැවත දෙසැම්බර් 14 වැනි දින  කැඳවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.