29 C
Colombo
Saturday, July 27, 2024

පවිත්‍රා මොළය භාවිතා කරන ආකාරය ගැන රාජිත කණස්සල්ලෙන්

- Advertisement -

පරිණාමන ක්‍රියාවලියේදී මොළයට සුවිශේෂී තැනක් හිමිව ඇතැත් පුද්ගලයින් එය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදීයි.

ලෝකයේ වෙනස්කම් සිදුකළ නායකයින් සමඟ මෙරට නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ නම ඈඳා සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශයක් නිකුත් කිරීම මෙහිදි ප්‍රශ්නයට නැගුනා.

වාසුදේව නානයක්කාර සහ තිස්ස විතාරණ මහතා හැරුණුකොට වාමාංශික නායකයන් ගැන මිනිත්තු 5ක කතාවක් සිදුකළ හැකි එක් පුද්ගලයෙක් හෝ වත්මන් ඇමති මණ්ඩලයේ නොමැති බවත් එබැවින් සෞඛ්‍ය අමාත්‍යවරිය නිකරුනේ වචන භාවිතා කරන බවත් ඔහු පවසනවා.

එමෙන්ම, විරෝධතා මැඩලීමට නිරෝධායනය යොදාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ උද්ඝෝෂණ පැවැත්වූ පමණින් එම උද්ඝෝෂණවලට සහභාගි වූ පුද්ගලයන් නිරෝධායනය කළ නොහැකි බවයි. නිරෝධායනය කිරීමට නම් PCR පරීක්ෂණ සිදුකළ යුතු බවත්, එසේ නැතහොත් ආසාදිතයෙකුගේ සමීපතමයෙකු ලෙස හඳුනා ගත යුතු බවත් හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පෙන්වා දෙනවා.

සෞඛ්‍යමය කාරණා සම්බන්ධයෙන් පොලීසියට මැදිහත්වීමේ කිසිදු අයිතියක් නොමැති බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ආණ්ඩුව මිලිටරි රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යමින් සිටින බවයි. කෙසේ නමුත්, මිලිටරි රාජ්‍යයක පවා සෞඛ්‍ය කාරණා සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් තීරණය ගනිද්දී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මෙවැනි ක්‍රියා සිදුවිය නොහැකි බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...