26 C
Colombo
Thursday, March 23, 2023

Rakuten Viber කණඩායම් ඇමතුම් ධාරිතාව 30දක්වා වැඩි කරයි

- Advertisement -

පවත්නා වසංගත තත්ත්වය තුළ සහ වැඩිවෙමින් පවතින ඉල්ලුම හේතුවෙන් නිදහස් හා සුරක්ෂිත සන්නිවේදනයක් සහතික කරමින් ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් සමඟ සම්බන්ධ, රටේ ප්‍රමුඛ සන්නිවේදන යෙදුම වන Rakuten Viber සිය කණ්ඩායම් වීඩියෝ ඇමතුම් ධාරිතාව 30දෙනෙකු සම්බන්ද කිරීමට හැකිවනසේ පුළුල් කර ඇත.

2020 දී ඇති වූ කොවිඩ්19 වසංගතයේ ප්‍රතිපලයක් ලෙස බොහෝ දෙනෙකුට තම නිවෙස් වල රැඳී සිටීමට සිදුවූ නිසා, Viber භාවිතය වැඩිවනු ඇතැයි යන අපේක්ෂාවෙන් එම කාලය තුළදී සිය කණ්ඩායම් ධාරිතාව පුද්ගලයින් 20 දෙනෙකු වෙනුවෙන් වීඩියෝ සහ ඇමතුම් ගැනීමේ හැකියාව දෙගුණ කළේය.

30දෙනෙකු සම්බන්ද කිරීමට හැකිවනසේ කණ්ඩායම් වීඩියෝ සහා ඇමතුම් ධාරිතාව පුළුල් කිරීමත් සමඟ, Viber පරිශීලකයින්ට රටේ පවතින අයහපත් වාතාවරණය තුළ ආරක්ෂිත වීමටත්, සහ තම හිතවතුන් හා සමීපතමයන් ආරක්‍ෂිත බවට තහවුරු කරගැනීමටත් මේ මගින් හැකිවේ. එමෙන්ම උසස් තත්ත්වයේ වීඩියෝ ඇමතුම් ලබා දීමෙන් කාර්යාලයේ එදිනෙදා අත්‍යාවශ්‍යය රැස්වීම් සඳහා වැඩි පිරිසක් සම්බන්ධ  කරගැනීමට හැකිය. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගුරුවරුන්ට සිසුන් සමඟ සම්බන්ධ විමටද මෙම සන්නිවේදන පහසුකම උපකාරී වේ.

 මෑතකදී ආසියා පැසිෆික් (APAC) කලාපීය මත විමසුමක් සඳහා 8,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර, ඉන් 50% කට වැඩි පිරිසක් තම පවුලේ අය සමඟ කතා බහ කිරීමට සහ මිතුරන් සමඟ සම්බන්ධ වීමට කණ්ඩායම් වීඩියෝ ඇමතුම් භාවිතා කළ අතර 30% කට වඩා වැඩි පිරිසක් මෙම පහසුකම තම වැඩ කටයුතු සඳහා භාවිතා කළේය.

ශ්‍රී ලංකාවේද මේ වනවිට පාසල්වල ඔන්ලයින් ක්‍රමය හරහා පැවැත්වෙන පන්ති සඳහා මම සන්නිවේදන පහසුකම භාවිතා කරන පිරිස වැඩිවන අතර කාර්යාලීය වැඩකටයුතු, පාඨමාලා සහ පන්තිය පැවැත්වීම් මෙන්ම පවුලේ සමීපතමයන්, මිතුරන් හා එක්වීමට මෙම කණ්ඩායම් වීඩියෝ ඇමතුම් භාවිතා කරන බවට පෙනීයමින් තිබේ.

මීට අදාළ යාවත්කාලීන කිරීමේ යෙදුම තුළ වීඩියෝ දර්ශන ජාලය ඩෙස්ක්ටොප් සහ දුරකථන තිරයේ තිබීම නිසා වීඩියෝ ඇමතුම් අතරතුර එකිනෙකා සමඟ පහසුවෙන් සම්බන්ධ වීමටද හැකිය. ප්‍රමාණය වැඩිකරනලද කණ්ඩායම් වීඩියෝ ඇමතුම ඉක්මනින් ඇන්ඩ්‍රොයිඩ් සහ IOS උපාංග සඳහා සජීවීව ක්‍රියාත්මක වන අතර ජංගම සහ ඩෙස්ක්ටොප් පරිගණකවලද එය ක්‍රියා කරනු ඇත. කණ්ඩායම් වීඩියෝ ඇමතුම් ධාරිතාව ඉදිරි මාසවලදී වැඩි කිරීමටද Viber අපේක්ෂාවෙන් සිටී.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Rakuten Viber හි ප්‍රධාන සංවර්ධන නිලධාරිනී ‘ඇනා ස්නාමෙන්ස්කායා’ මෙසේ පවසන්නීය.

” Viber කියන්නේ ලංකාවේ ජනප්‍රියතම මැසේජ් ඇප් එක. අපගේ සන්නිවේදන ක්‍රියාවලිය අපි නිරන්තරයෙන් නවීකරණය කරනවා. ඒ තුළින් අපගේ පරිශීලකයින්ට වඩා හොඳ සේවාවක් සැපයීමට සහ ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා මෙන්ම විශේෂයෙන් පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය තුළදී සහාය දැක්වීමට අපට හැකිවී තිබෙනවා. සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් සීමාවන් පනවා තිබියදී, අපගේ වීඩියෝ ඇමතුම් හැකියාවන්ගෙන් ඔබේ මිතුරන් හෝ ආදරණීයයන් ඇතුළු වැඩි පිරිසක් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට අවකාශය ලැබී තිබෙනවා ’’.

Rakuten Viber  ගැන:

රකුටෙන් වයිබර්හි අරමුණ වන්නේ, මිනිසුන් එකිනෙකට සම්බන්ධ කිරීම හරහා පුද්ගල සබඳතා වර්ධනය කිරීමය.  ලොව කොහේ සිට හෝ ඕනෑම පුද්ගලයකුට මෙම සන්නිවේදන තාක්ෂණික සේවාව අත්විඳිය හැක. මෙය භාවිතා කරනන් හට කෙටි පණිවිඩ, වීඩියෝ ඇමතුම්, විවිධ කණ්ඩායම් හා පණිවිඩ යැවීම සහ ඔවුන්ගේ ප්‍රියතම වෙළඳ නාම සහ කීර්තිමත් පුද්ගලයින් සමඟ සහ සම්බන්ද වීම  සහ සාකච්ඡා වැනි විශේෂ අවස්ථා රැසකට මේ හරහා එක්විය හැකිය. අපගේ පරිශීලකයින්ට ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට ආරක්ෂිත සහ නිදහස් පරිසරයක් ඇති බව අපි සහතික කරමු.

Rakuten Viber යනු විද්‍යුත්- වාණිජ්‍යය (E – Commerce) හා මූල්‍ය සේවා පිළිබඳ ලෝකයේ ප්‍රමුඛයා වන රකුටෙන් ඉන් කෝපරේටඩ්හි කොටසකි. එය බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරුද වන වයිබර් සමාගම සුප්‍රකට Golden State Worriers නමැති ඇමරිකානු පැසිපන්දු කණ්ඩායමේ Calling App හවුල්කරුද වේ.

අදම Viber වෙත එක්වී ලෝකයේ හොඳම සන්නිවේදන අත්දැකීම් විඳගන්න.

වැඩිදුර විමසීම් සඳහා [email protected] හා සම්බන්ධ වන්න.

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...