26 C
Colombo
Sunday, May 12, 2024

ලෝකෙට ගැළපෙන නායකයා රනිල් – වජිර

- Advertisement -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට තීරණය කර අවසන් බවත්, එම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ සිදු වන ඓතිහාසිකම ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, රජගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මෙහෙයුම් කාර්‍යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“දැනට කියලා ඉවරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒක ජනාධිපතිවරණ ඉතිහාසයේ ඓතිහාසිකම ජයග්‍රහණය කියලා හිතේ තියාගත්තට කමක් නෑ… ඔබට උනත් පේනවනේ මේක රනිල් වික්‍රමසිංහ මහතාට ඇරෙන්න වෙන කාටද කරන්න පුළුවන්. කල්පනා කරලා බලන්න…

ඉතින් ලෝකෙට ගැළපෙන නායකයෙක් ඉන්නවා. එයාගේ නම තමයි රනිල් වික්‍රමසිංහ. එතුමට ගැළපෙන කවුරුවත් දැනට ඉදිරිපත් වෙලා නෑ.”

RECENT ARTICLES - SINHALA

මධ්‍යම පළාතේ රෝහල් හෙට වර්ජනයක්

සෞඛ්‍ය සේවකයින් හෙට (13) දිනයේ මධ්‍යම පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් සැලසුම් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින්. සෞඛ්‍ය වෘත්තීය...

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය...

ශ්‍රිලනිප මූලස්ථානය අවට දැඩි ආරක්ෂාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි කොළඹ ඩාලි පාර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කොට ඇති අතර පොලිස්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...