31 C
Colombo
Monday, June 17, 2024
spot_img

රනිල්ගෙන් ලන්සට බැසිල් හමුවන ලෙසට බලපෑම්

- Advertisement -

දේශපාලන වශයෙන් දැඩි ලෙස විරසක වී සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් කඩිනමින් පැවැත්විය යුතු බවට ජනාධිපති කාර්යාලය විසින් යෝජනා කර තිබෙන බව දේශය පුවත් පත වාර්තා කරනවා.

කලක් බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කළ නිමල් ලන්සා මන්ත්‍රීවරයා පසුව තවත් මන්ත්‍රී පිරිසක් සමඟ මැතිසබයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ගොඩනගා එයට නායකත්වය ලබා දෙමින් සිටිනවා.

කෙසේ හෝ මෙම විශේෂ හමුව පැවැත්වීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම නිමල් ලන්සා මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බව සඳහන් වනවා.

මෙහිදී ලන්සා මන්ත්‍රීවරයා තමන්ට බැසිල් රාජපක්ෂ මහතා හමුවිය හැකි නමුත් තමන්ගේ දේශපාලන ස්ථාවරය වෙනස් නොකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා කැඳවීම සම්බන්ධයෙන්ද නිමල් ලන්සා සහ අනුර යාපා යන ස්වාධීන මන්ත්‍රීන්ගේ නව සන්ධානයේ ප්‍රධානීන් දැඩි විරෝධය පළ කර තිබුණා.

මෙම විරෝධතා සමථයට ජනාධිපතිවරයා අදාළ හමුව සම්බන්ධීකරණය සඳහා වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පත්කර ඇති බව සඳහන්.

ඉදිරි සතියේදී බැසිල් – ලන්සා හමුව පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබෙන බව දේශය පුවත්පත වාර්තා කරනවා.

ලන්සා පිල‍ේ හිතුවක්කාරී වැඩ ඉදිරි ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටු පක්ෂයේ සහය ලබා ගැනීමට ඇති අවස්ථාව දුරස්කරමින් තිබෙන බවට වික්‍රමසිංහ මහතාගේ කිට්ටුවන්තයින්ගෙන් ලන්සාට චෝදනා එල්ලවෙමින් තිබෙන බවද එහි සඳහන් වනවා.


RECENT ARTICLES - SINHALA

සැකකරු පලා ගිය නිසා පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට

හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු දින හතක රැඳවුම් නියෝග මත හලාවත පොලිස් ස්ථානයේ රඳවා සිටියදී එම සැකකරු සිරමැදිරියෙන් පලායාමේ...

මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්

ගෙවුණු වසර 5 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි අගයකින් පහළ ගොස් ඇති බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා...

බදු එකතු කරන විදිය මම කරලා පෙන්වන්නම්-පාඨලි

බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත්...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...