32 C
Colombo
Friday, June 2, 2023

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

- Advertisement -

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙරට දේශපාලනඥයින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට සිහින දුටුව ද, ඇතැම් දේශපාලන ව්‍යාපාරවල තීන්දු තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාවට පසුගිය 75 වසර තුළ සිදුවූ විනාශය අතිමහත් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අද (22) පස්වරුවේ පැවැති දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ 71වන ගුණ සමරු වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීම නිසා පසුගිය දශකවලදී මහවැලිය වැනි ව්‍යපෘති 100ක් පමණ ඉදිකිරීම සඳහා තිබු මුදල් විනාශ වී ගිය බවයි.

ඉදිරියේදී රාජ්‍ය අංශය ව්‍යාපාරවලින් ඉවත්ව, එය පෞද්ගලික අංශයට විවෘත කර නිදහස් හා නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දැක්ම වුයේ ද නිදහස් ආර්ථිකයක් ඇති කිරීම බව සිහිපත් කළ ජනාධිපතිවරයා ව්‍යාපාර සිදුකළ යුත්තේ පෞද්ගලික අංශයෙන් බවත්, එයින් ලබා ගන්නා බදු ආදායමින් රට සංවර්ධනය කළයුතු බව එතුමාගේ දර්ශනය වූ බවත් පෙන්වා දුන්නා.

RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ ආයතන තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...