28 C
Colombo
Saturday, July 27, 2024

ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් අයගේ රැපිඩ් ඇන්ටිජන් වාර්තා එයි

- Advertisement -

ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 44 දෙනාම කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් මෙම පිරිස කොවිඩ් ආසාදිතයන්දැයි බැලීම සඳහා ඊයේ (04) පස්වරුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කරනු ලැබුවා.

මෙම විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා අතර ගුරුවරුන් 22 ක් , ගුරුවරියන් 16ක් සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටින බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

ඔවුන් සියලු දෙනාම අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...