28 C
Colombo
Saturday, July 27, 2024

රවී කරුණානායක ඇතුළු 06ක් නඩුවකින් නිදොස් කොට නිදහස්

- Advertisement -

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2014 වසරේ වරාය පරිශ්‍රයට අයුතු ඇතුළු වීමක් කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙන්.

රවි කරුණානායකට අමතරව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඇතුළු හය දෙනෙකු මෙසේ නිදොස් කොට නිදහස් කර ඇත.

2014 වසරේ ඔක්තොම්බර් මාසයේදී වරාය පරිශ්‍රය ජනාධිපතිවරණ පෝස්ටර් මුද්‍රණය කරන්නේ යැයි ලැබුණු තොරතුරක් මත එහි ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය හමුවේ මෙම චෝදනා ගොනුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...