සැඟවු පොහොර තොග වෙළෙඳපොළට නිකුත් කරන්නැයි රජය පොහොර වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, 2021 වසරට රසායනික පොහොර ආනයනය සඳහා අවසර නොලැබෙන බැවින් පොහොර සඟවා තබා ගැනීමෙන් ඵලක් නොවන බවයි.
රසායනික පොහොර හා පළිබෝධ නාශක භාවිතය හා ආනයනය නතර කිරීමට රජය තීරණය කිරීමෙන් පසු ඇතැම් පොහොර වෙළෙඳුන් දැනටමත් ආනයනය කර ඇති රසායනික පොහොර තොග සැඟවීමට කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
